අපේ නිවසේ නිදන කාමරය සකසලා තියෙන විදිය අපේ ජීවිතයට විශාල බලපෑමක් ඇති කරනවා. අපි බලමු වාස්තු විද්‍යාවට අනුව අපේ දියුණුව වැඩි වෙන විදියට නිදන කාමරය සකස් කර ගන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් අපි මුලින්ම නිදන ඇඳ පිහිටන විදිය ගැන කතා කරමු.
අපේ හිස උතුරට සිටින ලෙස නිදන ඇඳ තිබීම ඉතාම අසුබ දෙයක් විදිහට සඳහන් වෙනවා. ඒ වගේම ඊසාන සහ ගිනිකොන දිශාවන්ට හිස සිටින ලෙස නිදන ඇඳ තිබීමත් ඉතාමත්ම අසුබයි. දකුණ, නිරිත, බස්නාහිර දිශාවලට හිස පිහිටන විදිහට ඇඳ සකස් කරගන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි.
ඒ වගේම තමයි නිදන ඇඳ යට කිසිම දෙයක් තියන්න එපා. යකඩ බඩු, සෙල්ලම් බඩු, අනවශ්‍ය ද්‍රව්‍ය තැබීම ඉතාමත්ම අසුබයි කියලා සඳහන් වෙනවා.
නිදන ඇඳට ඇඳ ඇතිරිලි මිලදී ගැනීමේදී ලා පැහැති ඇඳ ඇතිරිලි යොදා ගන්න සැලකිලිමත් වෙන්න. ඒ වගේම නිතරම ඒ සියල්ල පිරිසිදුව භාවිතා කරන්නත් උත්සාහ කරන්න.
නිදන කාමරය තුළින් පරිගණක, රූපවාහිනී යන්ත්‍ර වගේ දේවල් පුළුවන් තරම් ඉවත් කරලා තියන්න. ජලය සම්බන්ධ, ආගමික පින්තූර, තනි පුද්ගල පින්තූර වගේ දේවල් එල්ලන්නැතුව ඉන්නත් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ.
ඔයාගේ නිදන කාමරයේ තියෙන්නේ දිග පළල සමාන ඇඳක් නම්, යකඩ ඇඳක් නම්, ඇඳවල් දෙකක් එකතු කරලා තියෙනවා නම් ඒවා වහාම ඉවත් කරන්න ඔයා වගබලාගන්න ඕනේ. ඒවයින් ඔයාගේ ජීවිතයට අසුභ බලපෑම් ඇතිවීමේ හැකියාව වැඩි වෙනවා.
ඔයාගේ නිදන ඇඳ ඉදිරිපසින් කණ්ණාඩියක් තියෙනවා නම් එය ඉවත් කරන්න. ඉවත් කිරීමට නොහැකි නම් කණ්ණාඩිය වැහෙන විදිහට තිර රෙද්දක් හරි දාලා තියන්න.නිදන කාමරය තුළ ඇති අල්මාරිය බස්නාහිර හෝ උතුරු දෙසට පියන් ඇරෙන සේ තැබීම ඉතාමත්ම සුදුසුයි.
නිදන කාමරයේ දොරට ඉදිරියෙන්ම නිදන ඇඳ තියෙනවා නම් එය ඉතා අසුභ බලපෑම් ඇති කරන දෙයක් විදිහට සඳහන් වෙනවා.
ඒ වගේම නිදන කාමරයටම අලලා සකස් කරලා තියෙන නාන කාමරයේ දොර නිතරම වහලා තියන්නත් මතක තියාගන්න ඕනේ.
අලුතෙන් හදන ගෙයක් නම් මතක තියාගන්න දිගින් පළලින් සමාන නොවෙන විදිහට නිදන කාමරය සකස් කරගන්න.
ඇඳේ හිස තියෙන පැත්තේ ශක්තිමත් බිත්තියක් තියෙන්න ඕනේ. ඒ බිත්තිය ජනේලයක් සහිත බිත්තියක් වෙන්න බැහැ. මොකද එය අපේ ආරක්ෂාවට බලපානවා.
ඒ වගේම ඇඳේ හිස තියෙන පැත්තේ බිත්තියෙන් එහා පැත්තේ නාන කාමරයක් හෝ මුළුතැන්ගෙයි ගෑස් උදුන තියෙන්න බැහැ. එයින් ඍණාත්මක බලපෑම් ඔයාගේ ජීවිතයට ඇති වෙනවා.
ඔයාගේ නිවස තට්ටු කීපයකින් යුක්තයි නම් නිදන කාමරයට හරියටම ඉහළින් හෝ පහළින් නාන කාමරයක් හෝ මුළුතැන්ගෙයක් තියෙන්න බැහැ. මුළුතැන්ගෙය තුළ උදුන නිතරම දල්වෙන නිසා ඔයාගේ නිදන කාමරයේ ශක්තිය අඩු වෙලා යනවා.
නාන කාමරයක් තිබීමෙනුත් ඒ දේම තමයි සිද්ධ වෙන්නේ. ඇඳට ඉහළින් පොකුරු ලාම්පු, සිවිලින් ෆෑන් සහ හිස තියෙන තැනට ඉහළින් වායු සමීකරණ යන්ත්‍ර තිබීමත් අසුභ දෙයක්. ඒවල විශාලත්වයත් එක්කම බර වැඩි නිසා ඔයාගේ නිදන කාමරය තුළ තියෙන ශක්තිය අසමතුලිත වෙන්න පුළුවන්. ඒ වගේම නිදන කාමරයේ ඇඳට ඉහළින් හරස් බාල්ක තියෙනවා නම් ඒකත් අසුභයි.
ඉතින් ඔයාට පුළුවන් මේ වගේ තියෙනවා නම් ඇඳේ පිහිටීම වෙනස් කරන්න.මේ හැමදේම එක්ක ඉතාමත්ම පිළිවෙලට, පිරිසිදුව තමන්ගේ නිදන ඇඳ සහ නිදන කාමරය තියාගන්න අපි හැම වෙලාවෙම සැලකිලිමත් වෙන්න ඕනේ.
Copied
Comments
Post a Comment