රාත්‍රියට කකුල් පෙරළෙනවද? මැග්නීසියම් අඩුවීමේ භයානක ලක්ෂණය සහ කන්න ඕන කෑම 2ක්.
රෑට හොඳටම නිදාගෙන ඉන්නකොට එකපාරටම කකුලේ මස්පිඬුවක් (ගොඩක් වෙලාවට කෙන්ඩය) තද වෙලා, ඉවසගන්න බැරි කැක්කුමක් ඇවිත් කෑගැහිලා ඇහැරෙනවා නේද? කකුල හොලවන්නවත්, බිම තියන්නවත් බැරුව විනාඩි ගාණක් ඇඳේ පෙරළි පෙරළි විඳවන මේ තත්ත්වයට අපි සාමාන්‍යයෙන් කියන්නේ "කෙන්ඩ පෙරළෙනවා" කියලයි. ගොඩක් අය හිතන්නේ මේක සීතල නිසා, එහෙමත් නැත්නම් වැරදි විදියට නිදාගත්ත නිසා වෙනවා කියලා. හැබැයි මේක ඔබේ ඇඟෙන් දෙන බරපතල අනතුරු ඇඟවීමක්! ඔබේ ශරීරයේ අත්‍යවශ්‍ය ඛනිජ ලවණයක් වන "මැග්නීසියම්" (Magnesium) හිඟ වුණාම තමයි මේ ලෙඩේ එන්නේ. කියවන්න ඇයි මැග්නීසියම් නැති වුණාම කකුල් පෙරළෙන්නේ? (The Science) අපේ ඇඟේ මාංශ පේශි වල ක්‍රියාකාරිත්වයට ප්‍රධාන ලවණ වර්ග දෙකක් ඕන වෙනවා. කැල්සියම් (Calcium): මස්පිඬු සංකෝචනය කරන්න (තද කරන්න) උදව් වෙනවා. මැග්නීසියම් (Magnesium): තද වුණු මස්පිඬු නැවත ලිහිල් කරන්න (Relax) උදව් වෙනවා. ඔබේ ඇඟේ මැග්නීසියම් අඩු වුණාම, කැල්සියම් වල ක්‍රියාකාරිත්වය වැඩි වෙලා මාංශ පේශි දිගටම තද වෙලා හිරවෙනවා. ආයේ ලිහිල් වෙන්නේ නෑ. අර ඉවසගන්න බැරි කැක්කුම එන්නේ අ...

Comments
Post a Comment