මුළුතැන්ගෙය කියන්නේ ඔබේ නිවසේ ධන ශක්තියේ ප්‍රධාන මධ්‍යස්ථානය බව අපි ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.. විශේෂයෙන්ම සහල් භාජනය කියන්නේම විශ්ව ශක්ති විද්‍යාවට අනුව සෞභාග්‍යයේ සහ පරිපුන් බවේ සංකේතය යි. අද අපි කියන්න යන්නේ සහල් භාජනය භාවිතා කර ඔබේ නිවසේ අගහිගකම් නැතිකර ධනය සහ වාසනාව කැදවා ගන්නා ඉතාමත් රහස්‍ය ක්‍රමයක්..
බොහෝ ධන කුවේරයන් , ධනවතුන් මෙම ක්‍රමය රහසේ භාවිතා කර ඔවුන්ගේ ධනය , වාසනාව , සෞභාග්‍යය පාදාගෙන ඇත. ඔවුන් මෙය කාටවත් නොකියන රහසක්...
විශ්ව ශක්ති විද්‍යාවේදී සහල් හදුන්වන්නේ ධන ධාන්‍ය ලෙසයි. එය සෑමවිටම පිරී තිබීමෙන් නිවසේ සම්පත් හිස් නොවන බව තහවුරු වෙනවා. මෙම රහස් ක්රමයේ පළවෙනි රහස
පිරිසිදු භාජනයක්
ඔබ සෑමවිටම සහල් තබන භාජනය පිරිසිදුව තබා ගන්න. එය කිසිවිටෙකත් සම්පුර්ණයෙන්ම හිස්වෙන්න ඉඩ හරින්න එපා.
කුඩා රතු පැහැති කවරයක් අරගෙන එයට රන්වන් පැහැති කාසි 3 ක් හෝ පහක් දමා එය අලවන්න. ඊට පස්සේ එය ඔබ සහල් තබන භාජනයේ ඇතුළත සහල්වලට යටවන සේ සගවා තබන්න. එය තබන මොහොතේ මගේ නිවස සැමවිටම සම්පත්වලින් පිරී පවතිනවා යනුවෙන් ඔබේ සිතින් අධිෂ්ඨාන කර ගන්න.
මෙමගින් නිවසේ ඇති අගහිඟකම් සහිත ශක්තිය ඉවත් වී නිරන්තරයෙන් සම්පත් ගලා එන ශක්තියක් නිර්මාණය වෙනවා.
Comments
Post a Comment