සතුන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ වෙනසක් වෙනුවෙන් මුළු ලෝකයේම අවධානය දිනාගත් විශේෂ නීතියක් සම්මත කිරීමට දකුණු කොරියානු පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ. 2027 වසර වන විට මෙම නීතිය සම්පූර්ණයෙන්ම බලාත්මක වීමට නියමිත බව වාර්තා වේ.
මානව පරිභෝජනය සඳහා බල්ලන් බෝ කිරීම, ඝාතනය කිරීම සහ විකිණීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී වන අතර, නීතිය කඩකරන අයට වසර 3ක් දක්වා සිර දඬුවම් නියම විය හැක. (කෙසේ වෙතත් මස් අනුභව කිරීම පමණක් වරදක් ලෙස සැලකෙන්නේ නැත).
මීට දශක ගණනාවක් පුරා 'බොෂින්ටැං' (Boshintang) වැනි කෑම වර්ග සමඟ ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක්ව පැවැති මෙම පුරුද්ද, වර්තමාන තරුණ පරම්පරාව අතරින් මේ වන විට බොහෝ දුරට අවම වී ඇත.
මේ වන විටත් මෙම කර්මාන්තයේ නියැලී සිටින ව්‍යාපාරිකයන්ට සහ ගොවීන්ට තම ව්‍යාපාර වසා දැමීමට හෝ වෙනත් ආදායම් මාර්ග වෙත යොමු වීම සඳහා වසර 3ක සහන කාලයක් ලබා දී ඇති බව වාර්තා වේ.
සත්ත්ව අයිතිවාසිකම් සුරකින සංවිධාන මෙය ඉතා සතුටින් පිළිගත්තද, මෙම කර්මාන්තයේ නියැළෙන වෘත්තීය හිමිකරුවන්ගේ දැඩි විරෝධය එල්ල වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
Copied
Comments
Post a Comment