ඔබේ ගෙදර බිත්ති ඔරලෝසුවත් මෙහෙම තිබුනොත් අනිවාර්යයෙන්ම ගෙදර ගෘහ මූලිකයාට නොසිතූ කරදර සිද්ධ වෙනවාකියන කතාව ඇත්තක්ද? මේ කතාව ඇත්තක් නම් කොහොමද බිත්ති ඔරලෝසුවක් අපි තියන්න ඕනේ? මොන දිශාවටද? එහෙම නැත්නම් මොන පැත්තද? ගෙදර කොතනද ඇත්තටම මේ බිත්ති ඔරලෝසුව තියන්න හොඳ? ඇයි වාස්තු විද්‍යාවේදී මේ බිත්ති ඔරලෝසුවලට ගෙදර ඉන්න බහිරවයා කියලා කියන්නේ? මොකක්ද මේකට හේතුව?
එහෙනම් ඉතින් අපි අද ඒ ගැන කතා කරමු ගෙදරක ඔරලෝසුවක් කියලා කියන්නේ ප්‍රධාන අනිවාර්ය අංගයක්. අපි වස්තු විද්‍යාවට අනුව ගෙදරක ගෘහ භාණ්ඩ නිවැරදිව තිබ්බොත් ඒකෙන් අපිට වගේම ගෙදරටත් ඉතාම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. මොකද ඔරලෝසුවක් හරි දිශාව තිබුණයි කියලා සුබ ප්‍රතිඵල ඔයාට අත් කර ගන්න බැහැ. ඒකට අපි මේ කියන කරුණු සියල්ලම පාහේ බලපානවා. එහෙනම් වැඩි කතාවක් නැහැ, අපි බලමු මොනවද මේ ඔරලෝසුවේ රහස් කියලා.
පළවෙනිම කාරණාව තමයි කිසිම වෙලාවක ඔරලෝසුවක් තමන් නිදන ඇඳ අසල හෝ වැඩ කරන මේසය අසල තියාගෙන ඉන්නවා නම් මේක වහාම නවත්වන්න. ඒ වගේම ඒවා එලාම් තියන්නවත් භාවිතා කරන්න එපා. ඉතින් එලාම් එකක් තියාගන්න ඕනේ නම් ඒකට ස්මාර්ට් ජංගම දුරකථනයක් ඔයාට භාවිතා කරන්න පුළුවන්.
අද කාලයේ විවිධාකාරයේ ඔරලෝසු ඔයාට මිලදී ගන්න පුළුවන්. නමුත් ඔයා මිලදී ගත යුත්තේ බොහෝ වෙලාවට රවුම් හැඩයක් ඇති ඔරලෝසු පමණයි. වාස්තු විද්‍යාවේදී කියවෙන පරිදි කොටු සහ උල් හැඩැති ඔරලෝසු නිවසක විසිත්ත කාමරයට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. ඒ වගේම තමයි හිතවතුනි, ඔයාලා ඔරලෝසුවක් මිලදී ගන්න අපේක්ෂා කරනවා නම් වාස්තු විද්‍යාවට අනුව හොඳම වර්ණය වෙන්නේ ලා නිල් පැහැය. ඒ වගේම මිලදී ගන්න ඔරලෝසුව ස්ථානගත කරන්න ඕනේ හොඳම දිශාව තමයි නිවසේ උතුරු පැත්ත.
ඉතින් ඒ වගේම තමයි සමහරක් ගෙවල් වල බිත්තියේ තියෙන බිත්ති ඔරලෝසුවට වැඩි අවධානයක් ලබා දෙන්නේ නැහැ. ඒ වගේ නිවාස වල ඔරලෝසුව මතුපිට මකුළු දැල් බැඳිලා අපිරිසිදු ගතියට තමයි තියෙන්නේ. ඒත් එක්කම ඔයාගේ නිවසේ බැටරි බැහැපු එහෙම නැත්නම් කැඩුනු ඔරලෝසුවක් තියෙනවා නම් මේක ඉතාම අසුබ දෙයක් විදිහට තමයි සලකන්නේ.
වාස්තු විද්‍යාවට අනුව මේ වගේ ඔරලෝසු තුළ එකතු වන අසුබ ශක්තිය මගින් ඔයාගේ නිවසට ලැබෙන ධන මාර්ග අවහිර වීමට ප්‍රධාන වශයෙන්ම බලපානවා. ඉතින් ඔයාට උතුරු දිශාවේම මේ ඔරලෝසුව ස්ථානගත කරන්න බැරි නම් හෝ යම් අපහසුතාවයක් තියෙනවා නම්, ඊසාන පැත්ත හෝ බස්නාහිර දිශාව වුනත් ඔයාට තෝරා ගන්න පුළුවන්.
ඒ වගේම තමයි හිතවතුනි, සමහරක් ඔරලෝසු වල පැලීම්, සීරිම් වගේ දේවල් තියෙනවා. වාස්තු විද්‍යාවට අනුව මෙහෙම තියෙන ඔරලෝසු අලුත්වැඩියා කිරීම හෝ පිළිසකර කිරීම කළ යුතුම දෙයක්. එහෙම නැති වුනොත් ඒක නිවසේ ආර්ථික ප්‍රශ්න වලට මුලපාදන්න පුළුවන් කියලා බොහෝ ගුප්තවේදීන් පවසනවා. මේ තත්වය ඇත්තටම නිවසේ ගෘහ මූලිකයාට වගේම නිවසේ ජීවත් වෙන අනිත් පුද්ගලයන්ටද යම්කිසි මට්ටමකින් කරදරකාරී විපත් සිදුවෙන්න බලපාන ප්‍රධාන හේතුවක් විදිහට සැලකෙනවා.
මේවා තමයි නිවසක තියෙන ඔරලෝසු සම්බන්ධයෙන් පවතින වාස්තු විද්‍යාත්මක කරුණු. ඉතින් මේවා දැනගෙන සිහි කල්පනාවෙන් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම තමයි වාස්තු විද්‍යාවෙන් ඔයාගේ ජීවිතයට ගන්න පුළුවන් කරුණු පමණක් ගන්න. ඒ විතරක් නොවෙයි ඔයාගේ මුළු ජීවිතයම වාස්තු වලට බාර දෙන්නත් එපා කියල අපි ඔයාට මතක් කරනවා
Comments
Post a Comment