දෙහි බෑයක් මතට ලූණු හා ගම්මිරිස් ස්වල්පයක් ඉස ක්ෂණයකින් රෝග 9ක් සුව කරගමු
දෙහි බෑයක් මතට ලූණු හා ගම්මිරිස් ස්වල්පයක් ඉස ක්ෂණයේ රෝග 9ක් සුව කරගමු. ලෙමන්, ගම්මිරිස් සහ ලූණු කියන්නේ අපි ආහාර රස කරන්න යොදාගන්න රසකාරකයන් විතරක් නෙවෙයි.
මේ ද‍්‍රවය 3 සංයෝග කිරීමෙන් ලෙඩ රෝග රැසකට සහනය සලසා ගන්නත් පුළුවන්. මෙම සංයෝග ලොව පුරා විවිධාකාර රෝග තත්වයන් සඳහා ඖෂධයක් ලෙස භාවිතා කරනවා.
ඇත්තටම අද කාලේ වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගැනීම සහ ප‍්‍රතිකාර ගැනීම විශාල මුදලක් වැය වෙන වැඩක්. නිසා බොහෝ දෙනා ස්වාභාවිකව නිවසේදී හදාගන්න පුළුවන් ඖෂධ ගැනීමට පුරුදු වෙලා තියෙනවා.
මේ විදිහට දිනපතා මේ ඖෂධය පාවිච්චි කිරීමෙන් උගුරේ ඇතිවන සෙම්ගෙඩි සහ කැස්ස වළක්වා ගැනීමට පුළුවන්.
නාසයේ සිරවීම වලක්වා ගැනීමනාසයේ සිරවී ඇති විවිධ ද‍්‍රවයන් ඉවත්කර සහනය ලබා ගැනීමට මේ සංයෝගය භාවිතා කරන්න පුළුවන්. සමාන ප‍්‍රමාණ වලින් කුරුදු, ගම්මිරිස්, කරදමුංගු සහ දුරු අරගෙන හොදින් අඹරා ගන්න.
මේ මිශ‍්‍රණය නහයට ලං කිරීමෙන් කිවිසුම් යන්න පටන් ගන්නවා. මේ මගින් නහයේ සිරවී ඇති ද‍්‍රවයන් ඉවත් කරගන්න ඔබට පුළුවන්. පිත්තාශයේ එකතුවෙන ගල් (පිත්තාශ්ම) ඉවත් කර ගැනීමටආහාර දිරවීම සඳහා ශ‍්‍රාවය වන දියර ඝන වීමෙන් සහ ඒවා පිත්තාශයේ තැන්පත්වීමෙන් පීඩා විඳින අය සිටිනවා. මෙම ද‍්‍රවයන් තිබෙන විට අධික වේදනාවක් දැනෙනවා. එයට හේතුව එමගින් ආහාර දිරවීමේ පද්ධතිය අවහිර කරනවා. මෙවැනි තත්වයක් ඇති උනාම සැත්කමකින් ඒවා ඉවත් කරන එක තමයි වයිද්‍ය විද්‍යාවේ තියන පිළියම.
නමුත් මේ ගල් දියකර හැරීමට සමත් ස්වාභාවික ප‍්‍රතිකාරයක් තියෙනවා. ලෙමන් සහ ගම්මිරිස් සමාන ප‍්‍රමාණ වලිනුත්, ඒ වගේ 3 ගුණයක් ඔලිව් තෙලූත් එකතුකරල පානයක් සකස් කරගෙන බොන්න. මුඛයේ ඇති තුවාලඔබේ මුඛයේ තියෙන සුව නොවන තුවාල, පණු කැවිලි ආදිය සඳහා උණුසුම් වතුර කෝප්පයකට ලූණු තේ හැඳි එකක් එකතු කරගන්න කෑමෙන් පසු ලූණු වතුර මගින් කට සෝදලා දාන්න. මෙමගින් බැක්ටීරියා විනාශ කරලා සුව කිරීම වේගවත් කරනවා
. ශරීරයේ බර අඩු කරගැනීමටපහත ද‍්‍රව්‍ය සංයෝග කරලා ඔයාගේ බර අඩු කර ගන්න පුළුවන්. මෙමගින් පරිවෘර්තිය ක‍්‍රියාවලිය වේගවත් කරගන්න පුළුවන්. ගම්මිරිස් මේස හැඳි කාලක්, ලෙමන් යුෂ මේස හැඳි දෙකක් සහ මීපැණි මේස හැන්දක් උණුසුම් වතුර එකකට දියකරලා පානය කරන්න.

Comments
Post a Comment