ඔයා ධනවතෙකු වෙන්නට යන බව ඔයාට කලින්ම දැනෙන ලක්ෂණ 10 ක්
- Get link
- X
- Other Apps
"අලුත් වයින් දාන්න නම් පරණ බෝතල් හිස් කරන්න ඕන. ඒ වගේම අලුත් දියුණු ජීවිතයක් පටන් ගන්න නම්, පරණ ජීවිතේ කුඩු පට්ටම් වෙන්නම ඕන." මේ ලක්ෂණ 10 දැන් ඔබේ ජීවිතේ තියෙනවා නම්, බය වෙන්න එපා. හිනා වෙන්න.
ඔබේ ජීවිතේට ලොකු ධනයක්, එහෙමත් නැත්නම් ලොකු මුල්‍ය ජයග්‍රහණයක් ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දී ජීවිතේ ලේසි වෙන්නේ නෑ. ඒක හරිම අමුතු වෙනවා. හරිම අපහසුයි, අස්ථාවරයි වගේ දැනෙන්න ගන්නවා. හරියට නිකන් කවුරු හරි කෙනෙක් ඔබේ අවසරයක් නැතුව ඔබේ ගේ අස් කරන්න ගත්තා වගේ හැඟීමක් එනවා.
ගොඩක් අය මේ වෙලාවට හිතන්නේ "අපෝ මම ෆේල් වෙගෙන යන්නේ, මගේ කාලේ ඉවරයි" කියලා. නමුත් මනෝවිද්‍යාත්මකව බැලුවොත් ඇත්තටම වෙන්නේ ඔබව ඊළඟ පියවරට "ප්‍රතිසංවිධානය" (Repositioning) කරන එක. ලොකු දියුණුවක් එන්න කලින් ඔබ නොදැනුවත්වම අත්විඳින ලක්ෂණ 10ක් මෙන්න.
01. හදිසියේම ඇතිවන අවුල් ජාලාව (Chaos)
එකපාරටම හැමදේම කඩන් වැටෙනවා වගේ දැනෙනවද? ප්ලෑන් කරපු වැඩ අවුල් යනවා, විශ්වාස කරපු අය ඈත් වෙනවා, හදපු සිස්ටම් බිඳ වැටෙනවා. බය වෙන්න එපා, මේක දඬුවමක් නෙවෙයි. මේක "සුද්ද කිරීමක්" (Clearing). ඔයාට ලැබෙන්න යන අලුත් දියුණුව දරාගන්න නම් පරණ අත්තිවාරම අයින් කරන්න ඕන. පරණ සිස්ටම් වලට බැහැ අලුත් සල්ලි කන්දරාවක් උසුලන්න. මේ වෙන්නේ අලුත් ගොඩනැගිල්ලක් හදන්න පරණ එක කඩන එකයි.
02. හිටපු තැන හුස්ම හිරවෙන ගතිය
මෙච්චර කල් ඔයා සතුටින් හිටපු වටපිටාව, ගෙදර, නැත්නම් ඔෆිස් එක දැන් ඔයාට දැනෙන්නේ හිරගෙයක් වගේද? ඉස්සර ගැලපුනාට දැන් ඒ තැන් ඔයාට ගැලපෙන්නේ නෑ වගේ දැනෙනවා. මේකේ තේරුම තමයි ඔයාගේ වටපිටාවට වඩා වේගයෙන් ඔයාගේ මනස දියුණු වෙලා (Identity Expansion). ඔයා ලොකු වෙලා, ඒ නිසා පරණ කූඩුව දැන් ඔයාට මදි. ඒකයි ඔයාට එතනින් එළියට යන්න ඕන කියන සිග්නල් එක එන්නේ.
03. ආදායම අඩුවීම හෝ අස්ථාවර වීම
ලොකු ධනයක් එන්න කලින් සමහර වෙලාවට තියෙන පොඩි ආදායම් මාර්ග හිරවෙනවා. මේක හරිම බය හිතෙන දෙයක්. හැබැයි මතක තියාගන්න, අලුත් පාරක් ස්ථාවර වෙන්න කලින් පරණ පාරවල් දුර්වල වෙනවා. ධනය කියන දේ එක තැනකින් තව තැනකට මාරු වෙද්දී (Wealth Shift), පොඩි කාල පරාසයක් තියෙනවා අතේ සතේ නැති වෙන. ඒ වෙලාවට බය නොවී ඉන්න එක තමයි වැදගත්ම දේ.
04. හිතේ ඇතිවන නොසන්සුන්කම (Restlessness)
නිකන් ඉන්න බෑ වගේද? ටීවී එකක් බලලා, කාලා බීලා සැපට ඉන්න එක දැන් ඔයාට මදි වගේද? මේකට කියන්නේ "පුළුල් වීමේ මනෝවිද්‍යාව" (Psychology of Expansion) කියලා. ඔයාගේ ආත්මය ඉල්ලන්නේ දියුණුවක්. ඒ නිසා එක තැන පල් වෙනකොට (Stagnation) ඔයාට ඒක දරාගන්න බැරි වෙනවා. මේ නොසන්සුන්කම එන්නේ ඔයාව ඇඳෙන් නැගිටවලා වැඩට යවන්නයි.
05. අනිත් අය ඔයාව වැරදියට තේරුම් ගැනීම
ඔයාගේ පවුලේ අය, යාලුවෝ කියනවා නම් "ඔයා දැන් හරි වෙනස්, ඔයාට පිස්සු" කියලා, අන්න ඒක හොඳ ලක්ෂණයක්. ඒකෙන් කියවෙන්නේ ඔයාගේ දැක්ම (Vision) දැන් එයාලගේ මට්ටමට වඩා ගොඩක් ඉහළයි කියන එක. වර්ධනය (Growth) කියන දේ හැමතිස්සෙම සමාජීය සමබරතාවය (Social Equilibrium) බිඳ දානවා. ඔයා උඩට යද්දී පහල ඉන්න අයට ඔයාව පේන්නේ පොඩියට. ඒ ගැන දුක් වෙන්න එපා.
06. පරණ ට්‍රික්ස් වැඩ නොකිරීම
ඉස්සර මහන්සි වුනාම සල්ලි ආවා. ඒත් දැන් කොච්චර මහන්සි වුණත් ප්‍රතිඵල නෑ වගේද? සොබාදහම ඔයාට කියන්නේ "දැන් ඇඟෙන් වැඩ කරන කාලේ ඉවරයි, මොළෙන් වැඩ කරපන්" කියලයි. ඔයාව තල්ලු කරන්නේ ශ්‍රමය (Labor) මත යැපෙන තැන ඉඳන්, උපක්‍රම (Leverage) මත යැපෙන තැනට. ලොකු සල්ලි හොයන්න නම් පරණ විදිහට මහන්සි වෙලා බෑ, අලුත් විදිහට හිතන්න ඕන.
07. හැඟීම් පිටාර ගැලීම (Emotional Purging)
එකපාරටම පරණ බය, සැක, තරහවල් ආයේ මතක් වෙලා හිත අවුල් වෙනවද? මේක හරියට වතුර ටැංකියක් හෝදනවා වගේ වැඩක්. අලුත් පිරිසිදු වතුර (ධනය) පුරවන්න කලින්, යට තියෙන මඩ ටික සොලවලා එළියට දාන්න ඕන. ඔයාගේ ස්නායු පද්ධතිය (Nervous System) ලෑස්ති වෙනවා ලොකු වගකීමක් දරාගන්න. ඒකට තමයි මේ පරණ කුණු එළියට එන්නේ.
08. අතරමං වූ හැඟීම (Between Lives)
ඔයාට හිතෙනවද "මගේ පරණ ජීවිතේ ඉවරයි, ඒත් අලුත් ජීවිතේ තාම පේන්නත් නෑ" කියලා. හරියට අහසත් පොළොවත් නැති තැනක හිරවෙලා වගේ. මේක තමයි අමාරුම කාලය. හැම ලොකු "අප්ග්‍රේඩ්" (Upgrade) එකකටම කලින් මේ වගේ හිස් කාල පරාසයක් (Gap) එනවා. මේ වෙලාවේ තමයි ගොඩක් අය කලබල වෙලා වැරදි තීරණ ගන්නේ. මේක ඉවසගෙන ඉන්න.
ජීවිතේ ඔයාට බල කරනවා සැපට ඉන්න තැනින් අයින් වෙලා, බය හිතෙන දේවල් කරන්න. අභියෝග (Challenges) එනවා ඔයාට දරාගන්න පුළුවන් ප්‍රමාණයට වඩා ටිකක් ලොකුවට. මතක තියාගන්න, ආදායම වැඩි වෙන්න කලින් ඔයාගේ පෞරුෂය (Character) වැඩි දියුණු වෙන්න ඕන. ලොකු සල්ලි කන්දක් ලැබුණම ඒක දරාගෙන ඉන්න කොන්දක් ඔයාට තියෙන්න ඕන. ඒක හදන්නයි මේ ප්‍රශ්න එන්නේ.
10. අන්තිම මොහොතේ අතාරින්න හිතීම
මේක තමයි අන්තිම සහ භයානකම ලක්ෂණය. හරියටම දිනුම ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දී තමයි ලොකුම පීඩනය එන්නේ. "මේක කරලා වැඩක් නෑ, මම මේක නතර කරනවා" කියලා හිතෙන තැනටම ඔයාව වැටෙන්න පුළුවන්. ගොඩක් මිනිස්සු පරදින්නේ මෙන්න මෙතනදී. මේ වෙලාවේ පරණ පුරුදු වලට ආයේ යන්න එපා. ඔයා ඉන්නේ බිඳවැටීමක (Breakdown) නෙවෙයි, නැවත උපතක (Rebirth).
මේ ලක්ෂණ දැන් ඔබේ ජීවිතේ තියෙනවා නම්, බය වෙන්න එපා. හිනා වෙන්න. මොකද ලොකු සුනාමියක් එන්න කලින් තමයි මුහුද ගොඩක් පස්සට යන්නේ. ඔබේ රැල්ල එනකම් සූදානමින් ඉන්න.
සමාජ මාධ්‍ය ඇසුරෙන්
- Get link
- X
- Other Apps

Comments
Post a Comment