රෑට සුවපහසු නින්දක් ලබන්න අපි හැමෝම වගේ කැමතියි. හැබැයි ඉතින් නිදා ගන්න හදනකොටම මදුරුවන් නින්දට බාධා කරන්න ගත්තොත් මුළු රෑ පුරාම නින්දක් නැතිවෙනවා. මදුරු දගර කොයිල් හෝ කෙමිකල් දියර වර්ග පාවිච්චි කරලා මදුරුවන් පළවා හරින්න පුළුවන් වුනත් ඒවායේ තිබෙන රසායනික ද්‍රව්‍ය අපේ ස්වශන පද්ධතියට වගේම දිගුකාලීනව සෞඛ්‍යයටත් අහිතකර වෙන්න පුළුවන්.
ඉතින් ඔයාගේ නිදන කාමරයේ ඉන්න හැම මදුරුවෙක්ම ස්වාභාවිකව සහ ආරක්ෂිතව පන්නා දමා සුව නින්දක් ලබා ගන්න පුළුවන් සුපිරිම ක්‍රම කිහිපයක් පිළිබඳව අපි අද ඔබට කියනවා.
01 පැඟිරි තෙල් සහ කපුරු
පැඟිරි තෙල් සහ කපුරු මදුරුවෝ සුවඳට සංවේදී වුණත් උන් අකමැති සුවඳවල් කිහිපයක් තිබෙනවා. පැඟිරි තෙල් කියන්නේ මදුරුවෝ පලවා හරින සුපිරිම ස්වභාවික සහායකයෙක්. නිදාගන්න පැයකට විතර කලින් පැඟිරි තෙල් බින්දු කිහිපයක් වතුරට දමා කාමරය පුරා ඉසින්න. නැතහොත් කපුරු කැට කිහිපයක් වතුර පිඟානක දමා කාමරේ කොණකින් තියන්න. කපුරු වාෂ්ප වන විට මදුරුවෝ කාමරයෙන් පලා යනවා.
02 සුදුළුණු සහ ලෙමන් යුෂ
සුදුළුණු සහ ලෙමන් යුෂ. සුදුළුණු වල තිබෙන තද ගන්ධයට මදුරුවෝ කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. සුදුළුණු බික් කිහිපයක් තලා වතුරේ දමා හොඳින් තම්බා ගන්න. එම වතුර නිවුණු පසු ස්ප්‍රේ බෝතලයකට දමාගෙන, එයට ලෙමන් යුෂ ස්වල්පයක් එකතු කරලා නිදාගන්න කලින් කාමරයේ අඳුරු කොන්, ඇඳ යට සහ තිර රෙදි අස්සට මෙය ඉසින්න. මදුරුවෝ කාමරේ රැඳෙන්නේ නැහැ.
03 කහ සහ කොහොඹ කොළ දුම ඇල්ලීම
මෙය අපේ පැරැන්නන් පාවිච්චි කරපු අත්දුටු ක්‍රමයක්. මැටි කෝප්පයකට පොල්කටු අඟුරු ටිකක් දමලා, එයට වේලන ලද කොහොඹ කොළ සහ කහ කුඩු ස්වල්පයක් දමා දුම අල්ලන්න. නිදාගන්න විනාඩි 30කට කලින් කාමරයේ දොර ජනෙල් වසා දමා මේ දුම කාමරේ පුරා ව්‍යාප්ත වෙන්න හරින්න. පසුව දොර ජනෙල් ඇර දුම පිට වූ පසු, දැල් (nets) වසා නිදාගන්න. එක මදුරුවෙක්වත් කාමරේ ඉතුරු වෙන්නේ නැහැ.
04 පැලෑටි වර්ග කාමරයේ තැබීම
කාමරයේ අලංකාරයට වගේම මදුරුවෝ පන්නන්නත් පුළුවන් ගෘහස්ථ පැලෑටි වර්ග තිබෙනවා. ලැවෙන්ඩර් (Lavender), තුල්සි (Tulsi) වැනි පැලෑටි කුඩාවට පෝච්චියක වවා කාමරයේ ජනෙල් පියස්ස අසලින් තැබීමෙන්, ඒ පැලෑටිවල තිබෙන සුවඳ නිසා මදුරුවෝ කාමරයට ඇතුළු වීම වැළකෙනවා. ක්ෂණිකව මදුරුවෝ පන්නන්න මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්.
05 රැඳී සිටින තැන් නැති කිරීම
මදුරුවෝ සාමාන්‍යයෙන් දවල් කාලයේ ඉන්නේ ඇඳන් යට, අල්මාරි අස්සේ සහ එල්ලා ඇති ඇඳුම් අස්සේ. නිදාගන්න කලින් ඒ තැන්වලට අප ඉහතින් සඳහන් කළ ස්වභාවික ස්ප්‍රේ එකක් භාවිතා කරන්න.
06 සුළඟ සහ එළිය පාලනය
නිදාගන්නා විට විදුලි පංකාව (Fan) තරමක් වේගයෙන් ක්‍රියාත්මක කරන්න. මදුරුවන්ට තද සුළඟේ පියාඹන්න අපහසුයි. එමෙන්ම කාමරයේ ලයිට් නිවා දැමීමට පෙර පිටතින් එළියක් එන සේ ජනෙල් දොරවල් හැර තැබුවහොත්, කාමරයේ සිටින මදුරුවෝ පිටත එළියට ඇදී ගොස් කාමරයෙන් පිටව යනවා.
කෙතරම් මදුරුවෝ පැන්නුවත් කාමරයට මදුරුවෝ එන මාර්ග, දොර ජනෙල් සිදුරු වසා තැබීම සහ මදුරු දැලක් භාවිතා කිරීම තමයි 100%ක්ම ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙලා සුවබර නින්දක් ලබාගන්න තිබෙන හොඳම සහ ස්ථිර ක්‍රමය.
Comments
Post a Comment