සුදු හිසකෙස් ස්වභාවිකවම කළු කරන තෙල් වර්ග 05ක්
- Get link
- X
- Other Apps
වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි අකලට හිසකෙස් සුදුවීම කියන්නේ. බොහෝ විට මෙයට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ පරම්පරාවෙන් පැවත එන ජානමය ලක්ෂණ. ඔබේ දෙමාපියන්ගේ හෝ සමීප ඥාතීන්ගේ හිසකෙස් තරුණ කාලයේදීම සුදු වෙලා නම් ඔබටත් එම තත්ත්වය ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.
ඒ වගේම මෙලනින් නිෂ්පාදනය අඩුවීම, පෝෂණ ඌනතාවයන්, මානසික ආතතිය, තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු නිසා හිසකෙස් වල වර්ණය තරුණ වයසේදීම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ ගැන ඔබ අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැහැ. අකලට හිසකෙස් සුදු වෙන එක පාලනය කරලා කොණ්ඩයේ ස්වභාවික කළු පැහැය රැකගන්න නිවසේදීම හදාගන්න පුළුවන් සාර්ථක ස්වභාවික තෙල් සත්කාර පහක් ගැන අද අපි කතා කරනවා.
කරපිංචා කියන්නේ මෙලනින් වර්ණකය ආරක්ෂා කරගන්න තියෙන හොඳම ඔසුවක්. කරපිංච වල අඩංගු විටමින් B6 සහ ප්‍රෝටීන් මගින් හිසකෙස් වල ස්වභාවික වර්ණය ආරක්ෂා කරන නිසා හිසකෙස් අකලට සුදුවීම පාලනය වෙනවා. මේ කරපිංච තෙල් එක හදාගන්න හරිම ලේසියි. ඔබට තියෙන්නේ පොල්තෙල් ටිකක් රත් කරලා ඒකට තෙත ගතිය නැති කර කරපිංචා කොළ මිටක් වගේ දාලා කරපිංචා කොළ ටික ටික කළු පාට වෙනකන් මද ගින්නේ රත් කරගන්න පමණයි. හැබැයි මේ වැඩේ කරනකොට ගින්දර පාලනය කිරීම ඉතාම වැදගත්.
තෙල් එක හදනකොට කරපිංචා කොළ වල වතුර ගතිය හොඳින් ඉවත් වී තිබීමත් වැදගත්. එහෙම නොවුනොත් වෙන්නේ තෙල් එක ඉක්මනින් නරක් වෙන එක. තෙල් එක රත් කරනකොට කළුදුරු තේ හැන්දක් එකතු කරොත් හිසකෙස් ගණව වවා ගන්නත් ඔබට පුළුවන්. ඔයාගේ ඔලුවේ හිස්හොරි තියෙනවා නම් මේ මිශ්‍රනයට උළු හාල් ස්වල්පයක් එකතු කිරීමෙන් එම ගැටලුව විසඳා ගන්න පුළුවන්. තෙල් එක නිවුණු පසු ඊට විටමින් ඊ කරල් එකක් හෝ දෙකක් එකතු කිරීමෙන් හිසකෙස් වල දීප්තිය වැඩි කර ගන්නත් පුළුවන්.
නෙල්ලි සහ පොල්තෙල් සත්කාරය නෙල්ලි කියන්නේ හිසකෙස් වලට පෝෂණය වගේම ස්වභාවික කළු පැහැය ලබා දෙන සැබෑම වර්ණක පෝෂකයක්. නෙල්ලි වල විටමින් C පිරිලා තියෙනවා. මේ අධික විටමින් C ප්‍රමාණය නිසා හිසකෙස් අකලට සුදු වෙන එක පාලනය කරනවා. හිසකෙස් කළු පාටට තියෙන මෙලනින් වර්ණකය අඩුවීම නතර කරන්නත් නෙල්ලි වලට පුළුවන්. වයසට යෑමත් එක්ක කෙස් ගස් සුදු වෙන එක පමා කරන්න නෙල්ලි වල තියෙන මේ ගුණය උදව් වෙනවා. මේ තෙල් එක හදාගන්න ඔබට කරන්න තියෙන්නේ වියලි නෙල්ලි කැඩලි හෝ නෙල්ලි කුඩු ටිකක් පොල් තෙල් එක්ක මිශ්‍ර කරලා තෙල් එක ටිකක් කළු පාට වෙනකන් රත් කර ගැනීම පමණයි. කළුදුරු සහ ඔලිව් තෙල්කළුදුරු සහ ඔලිව් තෙල් කියන්නේ හිස කෙස් වලට පෝෂණය ලබා දෙන හරිම අපූරු සංයෝජනයක්. මේ දෙක එකතු වුනාම හිස කෙස් වලට ලැබෙන ගුණය තවත් වැඩි වෙනවා. කළුදුරු වලින් නිතර හිස කෙස් සුදු වෙන එක නතර කරන අතරේ ඔලිව් තෙල් වල තියෙන විටමින් ඊ සහ පෝෂ්‍ය පදාර්ථ නිසා කෙස් ගස් වලට ගැඹුරින්ම පෝෂණය ලබා දෙනවා. ඔලිව් තෙල් කියන්නේ හොඳ ස්වභාවික conditioner එකක් වගේ දෙයක්. ඒ නිසා කළුදුරු එක්ක ඔලිව් තෙල් පාවිච්චි කරනකොට රළු වියලි කොණ්ඩේ නැති කරලා හොඳ මුදු බවක් ලබා දෙනවා.
ඔලිව් තෙල් වලට පුළුවන් හිස් කබලේ තියෙන ආසාදන සුව කරන්න. කළුදුරු එක්ක එකතු වුනාම මේක හිස්හොරි වලටත් හොඳ විසඳුමක් වෙනවා. මේ සත්කාරය කරන්නේ මෙහෙමයි. කළුදුරු මේස හැන්දක් හොඳින් කුඩු කරලා ඒකට ඔලිව් තෙල් කෝප්ප භාගයක් විතර එකතු කරන්න. මේ තෙල් මිශ්‍රණය විනාඩි කිහිපයක් රත් කරන්න. ඍජුවම ගින්දරේ රත් කරන්නේ නැතුව උණු වතුර භාජනයක් උඩින් තෙල් භාජනය තියලා රත් කරන එක වඩාත් හොඳයි. තෙල් එක නිවුණට පස්සේ හිස් කබලේ සහ කොණ්ඩේ අග දක්වා හොඳින් ගාන්න. විනාඩි 10ක් විතර හොඳින් ඇඟිලි තුඩු වලින් හිස සම්බාහනය කරලා පැයක් විතර තියලා සෝදලා හරිනවා. මේ සත්කාරය සතියට එකපාරක් හෝ දෙපාරක් කරනවා නම් ඔබේ කොණ්ඩේ තියෙන අකලට සුදුවීම් පාලනය කරලා කොණ්ඩය නීරෝගීමත් වෙනවා.
රතු ලූණු යුෂ සහ පොල් තෙල්රතු ලූණු යුෂයි, පොල් තෙලූයි කියන්නේ අකලට හිසකෙස් සුදු වෙන එක නතර කරන්න පුළුවන් හරිම විශ්මිත සත්කාරයක්. අපේ හිසකෙස් මුල් වල ස්වභාවිකම හයිඩ්රජන් පෙරොක්සයිඩ් එකතු වෙනවා. ඒක වැඩි වුනාම තමයි කොණ්ඩේ සුදු වෙන්නේ. රතු ලූණු යුෂ වල තියෙන කැටලේස් කියන එන්සයිමය නිසා මේ රසායනිකය පාලනය කරලා කොණ්ඩේ මුල ඉඳලම කළු කරන්න උදව් කරනවා. රතු ලූණු වල සල්ෆර් ගොඩක් අඩංගු වෙනවා. ඒකෙන් හිසකෙස් කැඩෙන එක නතර කරලා ඝනව වවන්න පාර කපනවා.
ලූණු යුෂ හිස් කබලේ ගෑවම ඒ ප්‍රදේශයේ රුධිර ගමනාගමනය වැඩි වෙනවා. එතකොට කෙස් ගස් වලට අවශ්‍ය පෝෂණය ඉක්මනින් ලැබෙනවා. මේ සත්කාරය කරන්නේ මෙහෙමයි. රතු ලූණු ගෙඩි කිහිපයක් අරගෙන හොඳින් අඹරලා හරි, ග්‍රයින්ඩර් කරලා හරි ඒකේ යුෂ ටික පෙරා ගන්නවා. ලූණු යුෂ මේස හැඳි දෙකකට පොල් තෙල් මේස හැඳි එකක් විතර එකතු කරලා හොඳින් මිශ්‍ර කරනවා. පොල් තෙල් එකතු කරන්නේ ලූණු යුෂ වලින් ඇති වෙන්න පුළුවන් දැවිල්ල පාලනය කරන්නයි.මේ මිශ්‍රණය පුළුන් කැබැල්ලක් භාවිතා කරලා හිස් කබල පුරාම හොඳින් ආලේප කරන්න. විනාඩි 30ක් විතර තියලා මුදු ෂැම්පු එකකින් සෝදලා හරින්න. ඒ වගේම ලූණු යුෂ වල තියෙන සැර ගඳ අයින් කරන්න නම් සෝදන වතුරට දෙහි යුෂ බිංදු කිහිපයක් හරි, රෝස වතුර ටිකක් හරි එකතු කරන්න පුළුවන්. මේ සත්කාරය සතියට එකපාරක් වගේ කරනවා නම් ගොඩක් උන් ප්‍රතිඵල ගන්න පුළුවන් වෙනවා.
නිල් අවරිය සහ පොල් තෙල්නිල් අවරිය සහ පොල් තෙල් කියන්නේ අකලට හිසකෙස් සුදු වෙන එක නතර කරලා කොණ්ඩේ ස්වභාවිකම කළු කරන්න පාවිච්චි කරන හරිම වටිනා බෙහෙතක්. නිල් අවරිය වල තියෙන ස්වභාවික වර්ණකය නිසා කොණ්ඩේ තියෙන සුදු ගතිය මකලා තද කළු පැහැයක් ලබා දෙනවා. කෘතීම ඩයි වගේම ඒකෙන් හිසකෙස් වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. නිතිපතා නිල් අවරිය තෙල් ගානවා නම් අලුතින් කෙස් ගස් සුදු වෙලා එන එක ගොඩක් දුරට නතර කරනවා. මේ තෙල් එක හිසට හොඳ සිසිලසක් ලබා දෙන නිසා අධික රස්නය නිසා කොණ්ඩේට වෙන හානිය පාලනය කරනවා.
මේ සත්කාරය කරන්නේ මෙහෙමයි. නිල් අවරිය කොළ මිටක් විතර අරගෙන හොඳින් සෝදලා වතුර ටිකක් දාලා කොටලා ඒකේ යුෂ ටික පෙරාගන්න. පිරිසිදු පොල් තෙල් කෝප්පයකට මේ නිල් අවරිය යුෂ ටික එකතු කරන්න. අඩු ගින්දරේ මේ මිශ්‍රණය රත් කරගන්න. යුෂ වල තියෙන වතුර ගතිය ඔක්කොම ඉවත් වෙලා තෙල් එක විතරක් ඉතිරි වෙනකම් රත් කරන්න. තෙල් එක නිවුනාට පස්සේ වීදුරු බෝතලයකට දාලා තියාගෙන දිනපතා වුනත් පාවිච්චි කරන්න පුළුවන්.
ඔබට අමු කොළ හොයාගන්න අමාරු නම් වෙළඳ පොළේ තියෙන නිල් අවරිය කුඩු පොල් තෙල් එක්ක මිශ්‍ර කරලා රත් කරලත් මේ තෙල් එක හදාගන්න පුළුවන්. ඉතින් මේ තෙල් වර්ග පහ හදලා භාවිතා කරන ගමන්ම මෙන්න මේ යහපත් සෞඛ්‍ය පුරුදු ටිකත් ඔබේ ජීවිතයට එකතු කරගන්න අමතක කරන්න එපා. මොකද මේ දේවල් ටික කරොත් ඔයාගේ අකලට හිසකෙස් සුදු වෙන ප්‍රශ්නේ ඉක්මනින්ම විසඳගන්න පුළුවන් වෙනවා.
මානසික ආතතිය පාලනය කරගන්න.අධික වෙහෙස සහ මානසික පීඩනය නිසා කොණ්ඩේ සුදුවීමේ ඉක්මන් වෙනවා. ඒ නිසා සතුටින් සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරන්න.
ප්‍රමාණවත් නින්දක් ලබාගන්නදිනකට පැය හතක් අටක්වත් නිදාගන්න ලැබුනම ශරීරයේ සෛල අලුත් වැඩියා වෙලා හිසකෙස් වලටත් අවශ්‍ය පෝෂණය ලැබෙනවා.
දුම්පානය නතර කරන්නදුම්පානය කරන අයගේ හිසකෙස් මුල් වලට යන ලේ ගමනාගමනය අඩාල වෙන නිසා කොණ්ඩේ ඉක්මනින් සුදු වෙනවා
හිසකෙස් වලට රස්නය දෙන එක අඩු කරන්නහෙයා ඩ්‍රයර් එකක්, ස්ට්‍රේට්නර් එකක් වගේ දේවල් නිතරම පාවිච්චි කරලා කොණ්ඩේට අධික රස්නයක් දෙන එක නතර කරන්න.
ප්‍රමිතියෙන් තොර ඩයි වර්ග පාවිච්චි කරන්න එපාසැර රසායනික ද්‍රව්‍ය තියෙන ඩයි වර්ග නිසා තියෙන කළු කෙස් ගසුත් සුදු වෙන්න පුළුවන්. අව්වෙන් ආරක්ෂා වෙන්න. තද අව්වය යනකොට කුඩයක් හෝ තොප්පියක් පාවිච්චි කරලා හිරු රශ්මියෙන් හිසකෙස් වලට වෙන හානිය වළක්වනවා. ජලය හොඳින් පානය කරන්න
- Get link
- X
- Other Apps

Comments
Post a Comment